2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (22) නියෝග කළා.
එමෙන්ම අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී පාසලේ සීසීටිවී දර්ශන ක්‍රියාත්මක වී ඇත්නම් එම දර්ශනවල පිටපතක් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී පාසලේ සීසීටිවී දර්ශන ක්‍රියාත්මක වී ඇත්නම් එම දර්ශනවල පිටපතක් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කළා.
නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකවරයාගෙන්, පාසලේ මූරකරුගෙන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බවයි.
2025 වසර පළමු ශ්‍රේණියට ළමුන් පාසලට ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු 39ක් ලබාගත් දරුවාගේ මවගෙන් මෙම අල්ලස් මුදල විදුහල්පති කාමරයේදී ලබා ගැනීමේදී පසුගිය 07 වැනි දින සැකකාරී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණා.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය කරණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සියලු සාක්ෂි අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාරියට ඇප ලබා දෙන ලෙසයි.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට විදුහල්පතිනියට හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මුරකරුගෙන් හා සංවර්ධන සමීතියෙන් සාක්ෂි ලබා ගැනීමට ඇති හෙයින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදිනට විමර්ශන ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නියෝග කළේය.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම