ඉදිරි ඔක්තෝම්බර් වන විට ලංකාවේ සිදුවන ආර්තික සහ සමාජීය වෙනස්කම් සහ ඔබගේ ආරක්ශාව Economic Times Australia (2022/4/22) ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.
පහත සදහන් සියල්ල මාගේ නිගමනයන් නොව economic times සඟරාව සමීක්ෂණයක් කර ලබාගත් තොරතුරුයි. (විද්‍යාත්මකව, සරලව සහ කෙටියෙන් සැමට පැහැදිලි ලෙස)
1.ඩොලරය 450/= දකවා ගමන් කරයි.
2.රජයේ රෝහල් 80% අඩපන වෙයි.ශල්‍යකර්ම ඇතුළු හදිසි ප්‍රතිකාර බෙහෙත් සහ වෛද්‍ය හිඟය නිසා නවතී.
3.රජයේ පාසල් වල අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව ඇනහිටින අතර Onine ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු වෙයි.නමුත් ගම්බද සිටින දරුවන්ගේ ඉගෙනීම සම්පූර්ණයෙන්ම ඇණහිටී.
4.තෙල් නොමැත.
තෙල් මිල ඔක්ටේන් 92 පෙට්‍රල් 600.00 දක්වාද ඩීසල් රු.600.00 දක්වාද ඉහල යයි. රට තුල 50% ඉන්ධන ආශ්‍රිතවසිදුවන ක්‍රියාකාරකම් අක්‍රීය වෙයි. එමෙන්ම රට තුළ කිසිදු තෙල් සංචිතයක් නොමැතිව යයි(ආසන්න සති දෙකකට)
5.ආහාර හිඟය
වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලංකාවට පැමිණේ.සලාක ක්‍රමයට සහල් නිකුත් කිරීම සිදුවෙයි.අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීමන් පෝෂණය තත්ත්වයන් උග්‍ර වේ.කෙටියෙන්ම රටේ ආහාර නොමැතිව පාරේ ඉන්න සුනඛයන් පවා මිය යයි.මන්දපෝෂණය 6% සිට 17% දක්වා වැඩි වෙයි.
5.පෞද්ගලික අංශයේ රැකියා වලින් 30-40% අහිමිවෙයි.විරැකියාව 12% සිට 30% දක්වා වැඩි වෙයි.ආයෝජන කලාපවල රැකියා 20% නැතිවී යයි.ප්‍රධාන සමාගම් වලින් 50% කොටස්(Global orders) බංග්ලාදේශය වියට්නාමය ඉන්දියාව වෙත ගමන් කරයි.
6.මංකොල්ලකෑම් මිනීමැරීම් ස්ත්‍රී දූෂණ
රටේ ප්‍රධානම ගැටලුව බවට පත්වෙන්නේ මෙයයි. ආරක්ෂක අංශ සහ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඉන් පසු රට තුළ නීතියේ ස්වාධිපත්‍ය යක් නොමැතිවී යයි.විශේෂයෙන් අඩු අධ්‍යාපනයක් ඇති දුගී ජනතාව මංකොල්ල කරුවන් බවට පත් වෙයි.ඔවුන් සංවිධානාත්මකව නිවාස කොල්ලකයි,මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ සිදු කරයි.පාරේ තනිව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් වගේම වාහනයක්ද නවතා තැබිය නොහැකි තත්ත්වයක් උදා වෙයි.
Dr. P.H Hamdeen
Martin Luke
Economic Times Australia 22/4/2022
Credit : For the public service page