ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්‍රදේශයේදී ඊයේ (8) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින්ම පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.
එහිදී වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණකරු වයස අවුරුදු 39 ක් වූ තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු