Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ඇමති ඩග්ලස් මහින්ද ආණ්ඩුවෙන් කෝටි ගණනක මුදලක් ගසා කාලා

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් රුපියල් කෝටි ගණන් මුදල් වංචා සහගතව ලබාගත් බව ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ හිටපු සහික සුඛපයියා පොන්නයියා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය බදාදා (11) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඩග්ලස් දේවානන්ද මහතා එක් ඊ.පී.ඩී.පී සාමාජිකයෙකුට රුපියල් 65,000ක් දක්වා රජයෙන් මුදල් ලබා ගත් නමුත් ඔවුන්ගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් 15,000කටත් අඩු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව එම ලබා දුන් මුදලින් ඉතුරුම් ලෙස රුපියල් 3,000ක් අඩු කරනු ලැබූ බවත් හෙතෙම පවසනවා.

විශ්‍රාම ගිය පසු මුදල් එකතු කරන බව පැවසුව ද එම මුදල් මෙතෙක් ලැබී නොමැති බව ද සුබපයියා පොන්නයියා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *