සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.
ඔවුන් වෙනුවට ඇය විසින් වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව තමන්ට පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවයි.
ධුරවලින් ඉවත් කළ සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකවරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට සහාය නොදී වෙනත් අපේක්ෂකයකුට සහාය දැක්වීම සහ තරුණ කොට්ඨාස සංවිධායකවරුන්ට අවස්ථාවක් ලබාදීම මෙම තීරණයට හේතු වූ බව ද ඇය පැවසුවාය.
මෙසේ තනතුරුවලින් ඉවත් කළ කොට්ඨාස සංවිධායකවරුන් චෝදනා කළේ සංවිධායකවරිය සිදු කළ අත්තනෝමතික ඉවත් කිරීම තමන් පිළිනොගන්නා බවයි.
මේ සම්බන්ධව පක්ෂ නායකවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කීවේය.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම