Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති බිමල් කනස්සල්ලෙන්! ජනපතිගේ උපදෙස් අනුව වැඩ වෙන්නේ නෑලු!

1 year ago

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුම් ලබාදීම සඳහා වත්තල කෙරවලපිටියේ පිහිටි අක්කර 20ක භූමි ප්‍රමාණයක නව රේගු බහාලුම් පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා.

එම භූමිය නිරීක්‍ෂණය කිරීමට විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමානායක, වරාය අධිකාරියේ සභාපතිවරයා සහ රේගු නිලධාරීන්ද ඊයේ(20) පෙරවරුවේ පැමිණියා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව වරාය තුළ කටයුතු සිදුනොවන බවයි.

ප්‍රශ්නය – දැනට වරායේ තියෙන තදබදයට මොකක්ද ගන්න කඩිනම් පියවර ?

“මම අවංකව පෞද්ගලිකව සතුටුවෙන්නේ නැහැ. මේ සතිය තුළදී ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව හැමදෙනාම ඒක කරනවා කියලා පෙන්නේ නැහැ. මම ඒක අවංකව කියන්න ඕනේ. පැය 24ම වැඩකරන්න කියලා කිව්වට සමහර අංගනවල වැඩ අලුයම 3.20ට නතරවෙනවා. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති කරලා ලොරි එනතුරු හිටියා. නමුත් ඒ ගොල්ලෝ තාම වරාය ඇතුළේ ලොරි 500,600 තියාගෙන ඉන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වුණා නැව් ආයතනවල පිරිස් ඇවිත් භාණ්ඩ නිදහස් කර ගනී කියලා ඒකට හොඳම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපි දැක්කේ නෑ පුද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් එතරම්ම සහයෝගයක් ලැබෙනවා කියලා. ඒ නිසා ජනවාරි 31 දක්වා අපි මේක බලනවා. ඉතින් කරුවුරුත් දායක වෙන්නේ නැත්නම් රටට ඇත්ත තත්ත්වය කියනවා. ඒ නිසා ආණ්ඩුව කැපවෙනවා නම් අනිත් අය කැපවෙන්න ඕනේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *