ජනාධිපතිවරයා ඉල්ලා අස්වී දින දෙකකට පසු ජූලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට අද (11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූලි 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව 15 වනදා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව නාමයෝජනා පත්‍ර සඳුදා (18) දින භාර ගැනීමටත්, නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව ජුලි 20 වනදා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කළා.