Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හරක් කටාට CID යෙන් පනින්න උදව් කළ කොස්තාපල් දිවයිනට රැගෙන එයි

1 month ago 2.5 K

නදුන් චින්තක නොහොත් “හරක් කටාට” CID යෙන් පළායාමේ උත්සාහය සඳහා ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල් රවිඳු සන්දීප ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ මගින් එරටදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දිවයිනට රැගෙන විත් තිබේ.

ඉන්දීයාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ සිට එම සැකකරුවන් අද (19) දහවල් මෙරටට රැගෙන ආ බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළේ අනෙකුත් අපරාධකරුවන් තිදෙනා වන මඩවල කපුරාලලාගේ අමිල චන්ද්‍රානන්ද නොහොත් අමිල නැමැත්තා මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම මුදල් ජාවාරම්වලට සම්බන්ධ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත්, ඔහුව ත්‍රස්ත විමශර්න කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවන බවයි.

තවද, එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි සහ රත්නායක වීරකෝන් අරෝෂන් මධුශංක නමැති අනෙකුත් අපරාධකරුවන් දෙදෙනා ද මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය චෝදනා සහ කොල්ලකෑම්වලට සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බවත් මේ වනවිටත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාතරිා කර නඩු කටයුතු පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළා.

අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *