නදුන් චින්තක නොහොත් “හරක් කටාට” CID යෙන් පළායාමේ උත්සාහය සඳහා ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල් රවිඳු සන්දීප ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ මගින් එරටදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දිවයිනට රැගෙන විත් තිබේ.
ඉන්දීයාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ සිට එම සැකකරුවන් අද (19) දහවල් මෙරටට රැගෙන ආ බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළේ අනෙකුත් අපරාධකරුවන් තිදෙනා වන මඩවල කපුරාලලාගේ අමිල චන්ද්‍රානන්ද නොහොත් අමිල නැමැත්තා මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම මුදල් ජාවාරම්වලට සම්බන්ධ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත්, ඔහුව ත්‍රස්ත විමශර්න කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවන බවයි.
තවද, එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි සහ රත්නායක වීරකෝන් අරෝෂන් මධුශංක නමැති අනෙකුත් අපරාධකරුවන් දෙදෙනා ද මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය චෝදනා සහ කොල්ලකෑම්වලට සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බවත් මේ වනවිටත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාතරිා කර නඩු කටයුතු පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළා.
අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි