ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතුරු ව්‍යාපාරික අවස්ථා සොයා බැලීම සඳහා රජය විසින් පත්කර ඇති උප කමිටුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සම්බන්ධ කරගෙන තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අදාළ උප කමිටුව සඳහා, දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් වන ජගත් විතාන මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගැනීමට හැකිවීම ගැන ඉතා සතුටු වන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
ඔහුව ඩිපෝවෙන් ඩිපෝවට ගෙනගොස් ඒවායේ ඇති අතුරු ව්‍යාපාරික අවස්ථා වැඩි කරගත හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමට ඔහුගේ ව්‍යාපාරික ඥාණය යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දේශපාලනික වශයෙන් ඔහු හා තමන් කඳවුරු දෙකක වුවද ජගත් විතාන මන්ත්‍රීවරයා ඉතා සාධනීය සේවයක් සිදුකරමින් සිටින බවද, අනෙකුත් මන්ත්‍රීවරුන්ද ඔහුගෙන් ඉගෙන ගත යුතු බවද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම ඇරයුමට පිළිතුරු ලබා දෙමින් සජබ මන්ත්‍රී ජගත් විතාන සඳහන් කළේ තමා කිසිඳු වරප්‍රසාදයක් නොගෙන රට වෙනුවෙන් ආණ්ඩුව ලබාදුන් වගකීම ඉටුකිරීමට තමා සූදානම් බවයි.

පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්