කින්නියා නගරයේ අයි.ඕ.සී. පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි
පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු කින්නියා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කින්නියා – මුනෙයිචේනෙයි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.
අනෙක් මරණය වාර්තා වී තිබෙන්නේ මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලෙනි.
පිරවුම්හලේ ඇති වූ තදබයක් අතර තුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65 පමණ වියැති පුද්ගලයකු බව පොලිසිය පවසයි
කෑන්වලට ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පෝලිමේ සිටියදී අධික තදබදය නිසා තෙරපීමට ලක්ව සිහිසුන්ව බිම ඇඳ වැටී ඇති අතර ප්‍රදේශවාසීන් මෝටර් රථයකින් මීගහතැන්න රෝහලට රැගෙන ගොස් ඇත.
එහිදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්