Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චිකුන්ගුන්යා පැතිරීම වේගවත් වෙයි! හැදුනොත් මාසයක් සොරිම තමයි!

1 year ago

මදුරුවන්ගෙන් බෝවන වෛරස් රෝගයක් වන චිකුන්ගුන්යා රෝගය මෙරට තුළ යළිත් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වෛද්‍ය අචලා බාලසූරිය පවසනවා.

Daily Mirror වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, චිකුන්ගුන්යා රෝගය බෝවන්නේ ආසාදිත ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන ආසාදිත මදුරුවන් දෂ්ට කිරීමෙන් බවයි.

දැනටමත් වෛරසය ඇති පුද්ගලයකුට දෂ්ට කළ විට එම මදුරුවා රෝග වාහකයෙකු බවට පත්වන බවත් දින 4 සිට 7 දක්වා කාලයකින් පසුව, ආසාදිත මදුරුවා දෂ්ට කිරීම් හරහා වෛරසය වෙනත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය විය හැකි බවත් වෛද්‍යවරිය පෙන්වාදෙනවා.

“මෙම මදුරුවන් වැඩිපුරම ක්‍රියාකාරී වන්නේ හිමිදිරි උදෑසන සහ සවස් කාලයේදීයි. ඔවුන් බෝ වන්නේ මල් පෝච්චි, ටයර්, බාල්දි සහ කාණුවල ඇති පල්වෙන ජලයේ. මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට කෙළින්ම පැතිරෙන්නේ නැහැ. මදුරුවන් දෂ්ට කිරීමෙන් පමණයි පැතිරෙන්නේ.

අපි මේ දවස්වල චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් දකිනවා. අපි මෙහි වෙනස් ලෙස දකින්නේ මූලික සුවය ලැබීමෙන් පසු සන්ධි වේදනාව අවම වශයෙන් මාසයක්වත් පැවතීමයි.

ප්‍රධාන රෝග ලක්ෂණ අතර අධික උණ, දරුණු සන්ධි වේදනාව, මාංශ පේශි කැක්කුම, හිසරදය, ඔක්කාරය, තෙහෙට්ටුව සහ සමේ කුෂ්ඨ ඇති වීම වැනි දේ ඇතුළත් වනවා. බොහෝ රෝගීන් සතියක් ඇතුළත සුවය ලබනවා. සමහර අවස්ථාවලදී, විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් අතර, සන්ධි වේදනාව මාස කිහිපයක් හෝ වසර ගණනාවක් පැවතිය හැකියි.” යනුවෙන් ද වෛද්‍යවරිය පැහැදිළි කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *