Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් බෑගයේ බරට දරුවන්ට ඇතිවන සෞඛ්‍ය ගැටලු

4 weeks ago 3 K

පාසල් බෑගයේ බර ඉහළ යාම නිසා දරුවන් අතර සෞඛ්‍ය ගැටලු රැසක් මතුව තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව පාසැල් බෑගයක බර, දරුවාගේ බරෙන් සියයට 15ත් 20ත් අතර විය යුතු බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

නමුත් මේ පිළිබඳව වරින්වර සාකච්ඡා පැවතියද ඒ සඳහා නිසි පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංය හා අධ්‍යාපන අමාත්‍යංශය මේ වන තෙක් සමත් වී නැහැ.

මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනා, සමතුලිතතාවය බිඳවැටීම්,හදිසි අවස්ථාවකදී දිව යෑමට නොහැකිවීම,හිස රදය සහ බෙල්ලේ වේදනාව මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධ වැනි ගැටලුද ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *