Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති බිමල්ට හිමි වූ නව තනතුර

4 weeks ago 4.1 K

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ශ්‍රී ලංකා චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21 වන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ බවයි.

මෙම අවස්ථාවට ප්‍රධාන අරධිතා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්රි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී වුණා.

මේ අතර ශ්‍රී ලංකා චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර තේරී පත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *