රියදුරන් හා කොන්දොස්තරවරුන් ලෙස ලංගමයට එක් වී වෙනත් රාජකාරීවල නිරත වන 1640 දෙනෙකු සිටින බවත් ඔවුන් අනිවාර්යෙන්ම අදාළ සේවාවේ යෙදවීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දිවයින පුරා ඩිපෝ 107 ක රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ හිඟයක් පවතින බැවින් නියමිත බස් රථ සංඛ්‍යාව ධාවනය කිරීමට නොහැකි වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.