Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තරුණයකු මියයාම ගැන නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලෙන්! විශේෂ නිවේදනයක් නිකුත් කරයි!

1 year ago

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බැවින් මේ සම්බන්ධව ක්ෂණික සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයායෙන් ඉල්ලා සිටින බව එහි සඳහන්ව තිබේ.

එමෙන්ම මේ සම්බන්ධව සිදුවන සිදුවීම් නීතීඥ සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත් සිද්ධිය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සහ නීතියේ ආධිපත්‍ය සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක්ද ගනු ඇති බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන එවැනි සිදුවීම් වැළැක්වීම් සඳහා දැඩි ප්‍රවේශමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් මෙවැනි සිදුවීම් යුක්තිය පසිඳලීමේ ක්‍රමය කෙරෙහි විශ්වාසය කඩ කිරීම් බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන පිරිස් මරණයට පත්වීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවන බවත් එම සිද්ධීන් හී වරදකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා කඩිනම් පියවර සහ පියවර ගැනීම් සඳහා බලධාරීන් මන්දගාමී වීම පිළිබඳවද නීතීඥ සංගමය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

තවද එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සහ ඊට අදාළ පිරිස් වෙත දඬුවම් නොකිරීම පිළිබඳ රජය වෙත චෝදනා එල්ල වන බවත් එම ලිපිය මගින් දක්වා තිබේ.

මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ මරණ සම්බන්ධව අනුගමනය කළ හැකි පියවරයන්ට නීතීඥ සංගමය සහය දක්වන බවත් ඒ සම්බන්ධව සිය සංගමය ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහාය වීමට කැමැත්තෙන් පසුවන බවද නීතීඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටක් සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *