දෙස් විදෙස් සැදැහැවතුන්ට ඉතා අභිමානවත් ලෙස පහසුකම් සහිතව ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
”සිරි දළදා වන්දනාව” සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මාසයේ 18 වනදා සිට 28 වනදා දක්වා දින දහයක් පුරා පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්, ලලිත් ඇටම්පාවල මහතා,
“පෝලිම් තුනකින් අපි ජනතාව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. වැව රවුම වටේ පෝලිම් දෙකක් සහ ඩී.එස් සේනානායක වීථිය ඔස්සේ තව පෝලිමක්. ඒ වගේම ප්‍රවාහන පහසුකම් ගත්තොත් එහෙම මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිය, ශ්‍රීලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකතුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. නගරයට ගොඩක් වාහන ඇතුළු වුණොත් නගරයට කලින් ඒ වාහන නවත්වලා, ඒ අයව විශේෂ බස්රථවලින් ප්‍රවාහනය කරන්න කටයුතු යොදලා තියෙනවා. ආබාධ සහිත, මහලු වැඩිහිටි අයට අවශ්‍යතාවයක් වුණොත් නවාතැන් ගන්න කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල සුදානම් කරලා තියෙනවා ඉදිරියේදී.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් මහතා පවසා සිටියේ, දළදා වහන්සේට පුජාකරන පුජා භාණ්ඩයක් හැර අන් කිසිවක් ඇතුළට රැගෙන යෑමට අවස්ථාවක් නොමැති බවය.
ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නොමැති වුවත් එය ක්‍රියාවිරහිත කර තබා ගත යුතු බවත් කිසිවිටෙකත් ඡායාරූප ලබාගැනීමට අවස්ථාවක් නොදෙන බව ද පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී