ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.
මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3 කි.
මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයකි.
2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු ලෙස පැවති 2020 දෙසැම්බර් වකවානුව තුළ දී ඉතාලිය, කොරියාව ඇතුළු රටවල සිටි බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රැකියාවලින් ඉවත්ව මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණු නිසා, ඔවුන් එකවර ලද මුදල් (Terminal benefits) විශාල වශයෙන් මෙරටට ප්‍රේෂණය කිරීම හේතුවෙන් එම මාසයේ මාසයේ දී, ශ්‍රී ලංකාව ලද ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.
ඉන්පසු මාසයේ, එනම් 2021 ජනවාරි මාසයේ වාර්තා වී තිබුණු විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 675.3කි.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී