Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාස්කු ප්‍රහාරයට වසර 6ක් සපිරේ! විනාඩි 2ක නිහැඬියාවක් පවත්වන ලෙස ජනතාවට දැනුම්දීමක්!

1 year ago

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6 කි.

ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් වූ පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසක දේව මෙහෙයන් සංවිධාන කර තිබේ.

ප්‍රධාන සැමරුම් උත්සවය අද කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මියගිය පිරිස් සිහිපත් කර අද උදෑසන 8. 45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්නැයි ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දෙයි.

පාස්කු ප්‍රහාරයෙන් දේවස්ථානවලදී මියගිය බැතිමතුන්, විශ්වාසයේ විරුවන් හෙවත් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය අද පළමු වරට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, අද පස්වරුවේ කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්තානයේ පැවැත්වෙන දේවමෙහෙයේදී ය.  

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

මීට අමතර දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා වුණි.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270ට අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.

මෙම ප්‍රහාරයට වසර 6ක් ගත වීම නිමිත්තෙන් මියගිය පිරිස් සිහිකිරිමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථාන කේන්ද්‍රකර ගනිමින් අද දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

එහි ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30ට ආරම්භ කරන බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

ඊට සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන් සහභාගී වීමට නියමිතය.

මේ අතර, පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6  ක් පිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සහ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානවලදි පැවැත්වෙන විශේෂ දේව මෙහෙය වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

පොලිසිය පැවසුවේ, කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට වෙරළබඩ පොලිස් වසමේ පිහිටි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් පවත්වා අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සැලැසුම් කර ඇති බවයි.  

මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදීය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනී දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ පහත මාර්ගයන් තාවකාලිකව වසා තැබීම සිදු කරන බැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *