Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සිට 75%කින් විදුලිබිල ඉහළට! 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!

3 years ago 5.6 K

හෙට සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198ක මුදලක් අමතරව මෙම වැඩිකිරීම හරහා විදුලි බිලට එකතුවේ.

එසේම ඒකක 60ක් දක්වා භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා සියයට 200ක පමණ වැඩිවීමක් සිදුවන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒකක 90ට වැඩි අයට සියයට 276ක වැඩිවීමක් විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණද අවසර ලබා දී ඇත්තේ සියයට 125ක පමණ සුළු ප්‍රමාණයක් බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම 31 ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ වන ලෙසද, 90ත් 120ත් අතර රුපියල් 2900ක් පමණ ප්‍රමාණයකින්ද විදුලි බිල ඉහළ යනු ඇති.

image courtesy – ada derana
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *