Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිරි දළදා වන්දනාවට සහභාගී වුණු බැතිමතුන්ට දැනුම්දීමක්

3 weeks ago 8.5 K

“සිරි දළඳා වන්දනාව” සඳහා අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය දක්වා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකර තිබුණා.

නමුත් ඇතැම් සැදැහැවතුන් ගමන්මලු යම් ප්‍රමාණයක් නැවත භාර නොගෙන ඇති බවත් එම ගමන්මලු භාරදුන් ස්ථානවලම සුරක්ෂිතව පවතින බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එවැනි භාර නොගත් ගමන්මලු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාමක වන ස්ථානය ඉදිරිපිටදී හෙට (28) සහ අනිද්දා (29) දෙදින තුළ නැවත ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

එය සිදුවන්නේ සිවිල් ආරක්ෂක බලකායේ මහනුවර බලකායේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ඩබ්.එම්.එන්. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණය යටතේ බව සඳහන් වනවා. 

ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහත නම් සඳහන් නිලධාරීන්ගේ දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැකියි.

පොලිස් කොස්තාපල් දිසානායක මයා – 071-580 3000

ජ්‍යෙෂ්ඨ නියාමක අබේරත්න මයා – 077-531 1797

කාන්තා උප නියාමක චාන්දනී මධුරසිංහ මිය – 071-096 5890

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *