“සිරි දළඳා වන්දනාව” සඳහා අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය දක්වා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකර තිබුණා.
නමුත් ඇතැම් සැදැහැවතුන් ගමන්මලු යම් ප්‍රමාණයක් නැවත භාර නොගෙන ඇති බවත් එම ගමන්මලු භාරදුන් ස්ථානවලම සුරක්ෂිතව පවතින බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එවැනි භාර නොගත් ගමන්මලු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාමක වන ස්ථානය ඉදිරිපිටදී හෙට (28) සහ අනිද්දා (29) දෙදින තුළ නැවත ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
එය සිදුවන්නේ සිවිල් ආරක්ෂක බලකායේ මහනුවර බලකායේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ඩබ්.එම්.එන්. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණය යටතේ බව සඳහන් වනවා.
ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහත නම් සඳහන් නිලධාරීන්ගේ දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැකියි.
පොලිස් කොස්තාපල් දිසානායක මයා – 071-580 3000
ජ්‍යෙෂ්ඨ නියාමක අබේරත්න මයා – 077-531 1797
කාන්තා උප නියාමක චාන්දනී මධුරසිංහ මිය – 071-096 5890

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි