ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන උපතින්ම දෑත් සහ දෙපා උපතින්ම අහිමි වූ රශ්මි නිමේෂා ගුණවර්ධන සිසුවිය උසස් පෙළ විභාගයෙන් වානිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය.
ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය විෂයන් තුනට ම ඒ සාමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය.
ඇගේ අත්දෙක උපතින්ම අහිමිය. දකුණු පාදය ආබාධිත ය. ආබාධිත පාදයට කෘත්‍රීම පාදයක් යොදා ඇත. ඇය ලියන්නේ ඇගේ වම් කකුලේ ඇඟිලි අතර රඳවාගත් පෑනෙනි. ඇය පරිගණකය හසුරුවන්නේ ද වම් කකුලේ ඇඟි තුඩු වලිනි. පොත්වල පිටු පෙරලන්නේ ද එලෙසය.
ඇය 2012 වසරේ පසුවන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීමත්, 2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ අටක් සහ එක් බී සාමාර්ථයක් ලබා ඉහළින්ම සමත්වීමත් 2021 උසස් පෙළ විභාගය ඒ සාමාර්ථ තුනක් ලබැගැනීමට හැකි වූවාය.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි