Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

HNB බැංකුවේ වැඩි අයිතිය හිමිකර ගැනීමට ‘ලංවා’ සමත් වෙයි

11 months ago

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉතිහාසයේ නවතම මංසලකුණක් සනිටුහන් කරමින් අද (27) පෙරවරුවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සතුව තිබූ හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) 9.99% ක කොටස් ප්‍රමාණයක් සිලෝන් ස්ටීල් කෝපරේෂන් (ලංවා) විසින් අත්පත් කර ගෙන ඇත.

මෙහි දී කොටසක් රු. 305.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 45,317,177ක් ගනුදෙනු වී ඇති අතර එම ගනුදෙනුව හරහා රු. බිලියන 13.82 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ. මීට අමතර කොටසක් රු. 320 බැගින් වූ 319,405ක කොටස් ප්‍රමාණයක් ද අද පස්වරුවේ, ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් හරහා හුවමාරු වී තිබුණි.

මෙම ගනුදෙනුව මෑත කාලයේ කොළඹ කොටස් වෙළඳපොල තුළ සිදු වූ විශාලතම ගනුදෙනු අතරින් එකක් ලෙස සනිටුහන් වෙයි.

කැපිටල් එලායන්ස් සිකියුරිටීස් (පුද්) සමාගම, සිලෝන් ස්ටීල් කෝපරේෂන් වෙනුවෙන් ගැනුම්කාර පාර්ශවයේ තැරැව්කරු ලෙස කටයුතු කර ඇති අතර, ඔවුන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙනුවෙන් අදාල ගනුදෙනුවේ විකුණුම් පාර්ශවය වෙනුවෙන් ද 60% ක ප්‍රමාණයක් සඳහා පහසුකම් සලසා ඇත.

හැටන් නැෂනල් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ අංක එක හිමිව තිබුණේ එහි කොටස් ප්‍රාග්ධනයෙන් 9.99%කට හිමිකම් කියූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *