දින පහම සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එකග වී ඇත.
ප්‍රවාහන ගාස්තු හා ඉන්ධන මිල අධිකවීම හා ඉන්ධන මිල ඉහල යාම පිලිබදව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා සමග කල සාකච්චාවකදී මෙම එකගතාව පල වූ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.
මීට අමතරව රාජ්‍ය සේවකයන් බැංකු මගින් ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් අයකරන පොලී මුදල ඉහල දමා ඇති බවත් ඒ සඳහා ද සහනයක් ලබාදීම සඳහා මැදිහත් වීමක් සිදු කරන බවට ලේකම්වරයා පොරොන්දු වූ බවත් සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.
සතියේ දින පහම සේවයට වාර්තා කිරීමේ දී ප්‍රවාහන වියදම් ලෙස අධික මුදලක් වියදම් වෙන නිසා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් හෙතෙම කියා සිටියේය.
NEXT : බැංකු තැන්පතුවල වටිනාකම වසරකදී 70%කින් අඩු වෙලා! රුපියල් ලක්ෂයක වටිනාකම 30,000ට අඩු වෙලා!

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු