Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොවිඩ් පැතිරීම තීව්‍ර වෙයි! අවදානමක් පවතින ජන කාණ්ඩ මෙන්න!

1 year ago

ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබෙනවා. 

ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවල ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර, ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින් ද හඳුනාගෙන තිබෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළා.

අවදානමට ලක් විය හැකි කාණ්ඩ ලෙස ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිධන්ගත රෝගීන් හඳුනාගෙන ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

මුඛ ආවරණ පැළඳීමත් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම හා දෑත් සේදීම යන සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම තුළින් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසනවා. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *