
සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය ,හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි.
එම වෘත්තීන්හි නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.
සෙසු පිරිස ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශ්‍රම ගැන්වීමට පියවර ගන්නා බව පැවසූ මායාදුන්නේ මහතා ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බවද පැවසුවේය.
ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රම ගැන්වීමට නියමිතය.
NEXT :
PREVIOUS : න

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්