ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී “උත්තර ලංකා සභාගය” ජනගත කෙරුණි.
මෙහිදී “උත්තර ලංකා සභාගයේ” නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.
උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් ද ප්‍රකාශයට පත්කෙරිණි.
එසේම උත්තර ලංකා සභාගයේ අනුශාසක ධුරයට විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පත්ව සිටිති.
ඊට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරු ද පත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඒ අතර වෙති.
මංගල මහා සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් සිදුකරන ලද අතර ඉන්පසුව සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විසින් අත්සන් තැබීම ය.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු