Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං පහසුකම්! HNB සහ ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී!

1 year ago

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර කිරීම මෙහි අරමුණයි.

මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක ජනප්‍රිය ටොයොටා වාහන මාදිලි රැසක් ආකර්ෂණීය සහ තරඟකාරී ලීසිං වාරිකවලට ලබා ගත හැකිය. මෙම ප්‍රවර්ධනය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා ආර්ථික ඵලදායිතාව ශක්තිමත් කිරීමේ HNB හි කැපවීමට සහාය වන අතරම ඉන්ධන කාර්යක්ෂමතාව, කල්පවතින ටොයොටා වාහන හිමිකර ගැනීමට සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සමඟින් වැඩි පිරිසකට අවස්ථාව ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ්‍යභඊ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “පුද්ගලික නිදහස සහ ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රවාහනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ටොයොටා ලංකා සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය මගින් අපි පුද්ගලයන්ට සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට සරිලන මූල්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. ටොයොටා හි උසස් තත්වයේ වාහන සමඟින් අපගේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමෙන් අපි ජනතාවට වඩාත් විශ්වාසයෙන් යුතුව වාහන තෝරා ගැනීමට උපකාර කරන අතරම එය ඔවුන්ට වඩාත් දැරිය හැකි මිලකට ද ලබා දෙනවා.” යනුවෙනි.

“තිරසාර ප්‍රවාහනය තුළින් ජීවිත වැඩිදියුණු කිරීම ටොයොටා ලංකා අපගේ අරමුණයි. HNB සමඟ ඇති මෙම හවුල්කාරිත්වය අපට වැඩි පිරිසකට ළඟා වීමට සහ ඔවුන්ට විශ්වාසයෙන් හා පහසුවකින් ටොයොටා වාහනයක් හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. මෙම සහයෝගීතාවය හරහා සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත, බුද්ධිමත් සහ වඩාත් ප්‍රවේශ විය හැකි ප්‍රවාහනය සඳහා වන අප ආයතන දෙකෙහිම ඒකායන අරමුණ සඳහා අපි සහාය ලබා දෙනවා.” යනුවෙන් ටොයොටා ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසුවේය.

මෙම සහයෝගිතාවය හරහා පාරිභෝගිකයින්ට වේගවත් ලීසිං අනුමත කිරීම්, ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ආපසු ගෙවීමේ සැලසුම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවන් භුක්ති විඳිය හැකිය. තවද HNB සහ ටොයොටා ලංකා සමීපව කටයුතු කරමින් දිවයින පුරා පිහිටි ඔවුන්ගේ ශාඛා හා අලෙවි නියෝජිතයින් හරහා ලබා ගත හැකි ලීසිං විසඳුම් සමඟින් පහසු, වේගවත් හා කාර්යක්ෂම පාරිභෝගික අත්දැකීමක් ලබා දෙනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *