Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුතින් ගුරුවරු බඳවා ගැනීම ගැන රජයේ තීරණය අලුත් වෙයි

1 year ago

ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් එම බඳවාගැනීම් සිදුකරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.

ඊයේ(20) පාර්ලිමේන්තුවේදී ජාතික පාසල්වල ගුරු හිඟය සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ,  උපාධිධාරින් සහ විද්‍යාපීඨ බඳවාගැනීම් වලදී විෂයානුබද්ධ ගුරුවරු බඳවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවයි.

ජාතික සහ පළාත් පාසල්වලද ගුරුවරුන්ගේ දත්ත පද්ධතිය නිසායාකාරව යාවත්කාළීන වී නැතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

”මේ ගුරු හිඟය සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙනවා. විශේෂයෙන් එකක් තමයි ප්‍රධාන ගුරු හිඟය ඊට අමතරව ගුරුවරුන් විසිර යාමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි ඔබතුමා සඳහන් කරන කාරණාවේ අපිට නිවැරදි දත්තත් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවාට නගරබද කියලා. නගරබද පාසල්වලත් ගුරු හිඟය විෂයානුබද්ධව තියෙනවා. එතකොට අපි පිළිතුරු කීපයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. එකක් තමයි මින් පසුව බඳවා ගැනීම් සිද්ධ කරද්දී විෂයානුබද්ධ බඳවා ගැනීම් තමයි සිද්ධ කරන්නේ. 

විශේෂයෙන් ඉදිරියේදී කරන උපාධිධාරී බඳවා ගැනීම් සහ විද්‍යා පීඨ බඳවා ගැනීම්වල බඳවා ගැනීම් කරද්දී. ඊළඟට ගුරු තුලනය සම්බන්ධයෙන් අපි ගුරු මාරු ප්‍රතිපත්තිය ඇතුළත මෙවර අපි මේ දත්ත පද්ධතියේ ගැටලුවක් තියෙනවා. එතකොට විසිරයාම සම්බන්ධයෙන් අපිට හරියටම අදහසක් ගන්න අමාරු වෙන්නේ මේ දත්ත පද්ධතියත් එක්ක. අලුත් දත්ත පද්ධතියක් යාවත්කාලීන කිරීමක්. එතකොට අපිට පුළුවන් ගුරුවරයා කොතනද ඉන්නේ? කවද්ද යන්නේ කියන එක ගැන අදහසක් ගන්න. 

දැන් මේ කාරණාව තියෙන්නේ. එකක් විසිර යාම. ජාතික පාසල්වලින් පළාත් පාසල් වලට, ජාතික පාසල්වලත් අපිට හරියටම දත්ත පද්ධතිය යාවත්කාලීන වෙලා නැහැ. එතකොට දත්ත පද්ධතිය සහ අපි ගුරුවරු බඳවා ගැනීමේදී, නිසියානුකූල, විද්යානුකූල ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ විෂයානු බද්ධ සහ පුරප්පාඩු පිරවීම සඳහා. ඔන්න ඔය ක්‍රම දෙකම මගින් තමයි අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *