පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමෙි පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙි පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමෙි දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කළේය.
මෙි සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද මා පියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවැසූයේ අයිස් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය ඉතා පහසුයි බවත් මේවා වැලැක්වීම සඳහා නීතියක් නැති බවත්ය.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි