Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙම ආහාර වර්ග නම් කවදාවත් ෆ්‍රිජ් එකේ දාන්න එපා! ශීතකරණයේ නොදැමිය යුතු මේ ආහාර වර්ග ගැන ඔබ දැනුවත් ද?

9 months ago

අපි සෑම විටකම උත්සාහ කරන්න ඕන අපි ගන්නා ආහාරවල පෝෂණ ගුණය විනාශ නොවෙන අකාරයෙන් ඒවා භාවිතයට ගන්න.

අපි ගන්නා ආහාරවල පෝෂණ ගුණය ආරක්ෂා කරගන්න බැරි වුණොත් අපි කන බොන දේවල් වලිනුත් වැඩක් වෙන්නේ නැහැනේ.

ආහාර කල්තබා ගන්න ගොඩක් දෙනෙක් ආහාර ශීතකරණයේ තබන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක නැවුම් බව ආරක්ෂා කරගන්න හොඳ ක්‍රමයක්.

හැබැයි සමහර ආහාර වර්ග තියෙනවා එහෙම ශීතකරණයේ තිබ්බොත් ඒවායේ තියෙන රසය, පෝෂණය යන හැමදේම විනාශ වෙලා යනවා.

මින් පස්සේ මේ ආහාර වර්ග ශීතකරණයේ තබන්න එපා.

තක්කාලි
තක්කාලි ශීතකරණයේ ගබඩා කිරීම් මගින් ඒවායේ තියෙන පෝෂණ කොටස් විනාශ වෙනවා. තක්කාලි ගබඩා කරන්න ඕන කාමර උෂ්ණත්වය යටතේ. ප්ලාස්ටික් හෝ පොලිතින් කවර වල තක්කාලි අසුරන්න. එයින් තක්කාලි කල් තබා ගන්න පුළුවන් වෙයි. ඉස්ම සහිතව සහ නැවුම්ව තක්කාලි රස බලන්න ඔබට අවශ්‍ය නම් ශීතකරණයේ ගබඩා කිරීම කිසිසේතම සුදුසු වෙන්නේ නැහැ.

ලූණු
ළූනූ ශීතකරණයේ තැබීම නිසා ඉතා ඉක්මනින් නරක් වෙන්න බලනවා. ළූනූ ගබඩා කරන්න හොඳම තැන තමයි ගෝනි. පොඩි ගෝනියක ළූනූ අසුරන්න පුලුවන්නම් ඒ කල්තබා ගන්න ඉතා අපහසුයි. ඒ වගේම තමයි ළූනූ ගබඩා කරද්දී ඒ සමග අර්තාපල් ගබඩා කරන්න එපා. ළූණු අර්තාපල් එකට ගබඩා කිරීමෙන් ළූනූ නරක් වෙන්න බලනවා. ශීතකරණයේ ඇති තෙතමනය නිසා ඔබට සිතාගත නොහැකි තරම් ඉක්මණින් ලූණු මත පුස් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ලූණු වල නැවුම් ස්වභාවය නැතිවී පැණි රසක් සහ පෙඟුනු ස්වභාවයක් ඇතිවෙන්නත් පුළුවන්. 

ළූනූ අමු මිරිස් එක්ක ගබඩා කරන්නත් එපා. අමු මිරිස් ඉක්මනින් ඉදෙන්න එය හේතුවක් වෙනවා. ඒ නිසා ළූනූ හා අමු මිරිස් වෙන වෙනම ගබඩා කරන්න .

කොමඩු
කොමඩු කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න පුළුවන් නම් එක තමයි වඩාත් යෝග්‍ය. එමඟින් කොමඩු වල ඇති ප්‍රතිඔක්සිකාරක වඩාත් හොඳින් කියාකාරිව තබා ගන්න පුළුවන්. නමුත් කොමඩු ගෙඩිය කැපූ පසු ආහාරයට ගෙන ඉතිරිවූ කොමඩු කැබැල්ල ශීතකරණයේ ගබඩා කර තබන්න ඔබට පුළුවන්. 

අර්තාපල්
ශීතකරණයේ තැබීමෙන් සිසිලස නිසා අල මෘදු වීම සහ පැණි රසකින් යුක්ත වීම සිදුවෙනවා. අර්තාපල් ගබඩා කරන්න ඕන අඳුරු හා වියලි ස්ථානයක. අඩු උෂ්ණත්වයක, එහෙමත් නැත්තන් ශීතකරණයක තැම්පත් කිරීමෙන් එහි ඇති රසය විනාශ වීමට ඉඩ තියනවා.

පිපිඤ්ඤා
පිපිඤ්ඤා ශීතකරණයේ ගබඩා කිරීම මඟින් එහි ඇති ජල ප්‍රතිශතය ඉහළ ගොස්  වලවල් ඇතිවී පිපිඤ්ඤා ඉක්මණින් නරක් වීම සිදුවෙනවා. පිපිඤ්ඤා නැවුම්ව ආහාරයට ගැනීමට අවශ්‍ය නම් ඒවා කාමර උෂ්ණත්වයේ ගබඩා කර තැබීම වඩාත්ම සුදුසුයි.

ඇපල්
කාමර උෂ්ණත්වයේ ගබඩා කරතබා සතියක් හෝ දෙකක් යනතුරු නැවුම් සහ රසවත් ඇපල් රසවිඳින්න ඔබට පුළුවන්. ඉන්පසු ඇපල් ශීතකරණයේ තැබීමෙන් ඒවාගේ ප්‍රමිතිය කලක් නොවෙනස්ව පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. 

මී පැණි
මී පැණිත් ශීතකරණයේ ගබඩා කර තැබීම සුදුසු වෙන්නෙ නෑ. මී පැණි ශීතකරණයේ ගබඩා කර තැබීමෙන් තද සහ ගැටිති ස්වභාවයට පත්වීම සිදුවෙනවා.

විනාකිරි
විනාකිරි වල අධික ආම්ලික ස්වභාවයක් පවතින නිසා කාමර උෂ්ණත්වයේ ගබඩා කර තැබීම ඉතාම වැදගත්.

සෝස් වර්ග සහ තෙල්
තෙල් සහ සෝස් වර්ගත් ශීතකරණයේ තැබීම සුදුසු වෙන්නේ නැහැ. ඒවා ශීතකරණයේ තැබීමෙන් ඒවාගේ ස්වභාවික වයනය සහ සුවඳ නැතිවී ඝනකම් ස්වභාවයක් ඇතිවීම දකින්න ලැබෙනවා.

ධාන්‍ය වර්ග
සහල් වගේම ධාන්‍ය වර්ගත් ශීතකරණයේ තැබීම අනවශ්‍යයි. ඇත්තටම ශීතකරණයේ තැබීම මගින් ඒවා පැළවීමට ඉඩ තියෙනවා.

(අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *