මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවක ඒ අසලින් ගමන් ගත් දුම්රියකට ඔහුගේ අත හසු වී අත වෙන්වීමෙන් පසු ඔහු තනිව මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .
මැණික් කටුව අසලින් අත අහිමිව එසේ මහනුවර ජාතික රෝහලට පැමිණ ඇත්තේ මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එල්. එම්. රිස්වාන්(44) නැමැති අයකු බව රෝහල් පොලිසිය හඳුනාගෙන තිබේ .
කෝච්චියට හසු වීමෙන් ඔහුගේ අතින් වෙන් වූ කොටස අද (08දා) පෙරවරු 7.00 ට පමණ දුම්රිය මාර්ගය අසල තිබෙනු දැක සුදුහුම්පොල ප්‍රදේශවාසීන් මිනිසෙකුගේ අතේ කොටසක් එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් භීතියට පත්ව ඒ බව පොලිසියට දැනුම් දී ඇත.එම අතේ කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරාගාරයට භාරදීමට පියවර ගෙන තිබේ .
මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ ඊයේ (07දා) රාත්‍රී 7:30 ට පමණ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එහි පසෙක තිබූ විශාල වලකට තමන් ඇද වැටුන බවත් ඉන් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහ කළ අවස්ථාවේදී එක්වරම පැමිණි දුම්රියකට තම අත හසු වූ බවයි . අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම රෝහලට පැමිණි බව ඔහු පවසා තිබේ .
මහනුවර ජාතික රෝහලේ පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා තුවාලකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ .
source – lankadeepa / ada

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව