හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යාමේ අරමුණින් මේ වන විට
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ ඇති බව වාර්තා වනවා.
ඔහු අද (09) සවස 05:20 ට කටුනායක සිට ඩුබායි බලා පිටත් වන ගුවන් යානයකින් ඩුබායි
බලා ගොස් එතැනින් ඇමරිකාව බලා යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
පසුගිය ජූලි 9 වැනි දින සිදු වූ මහජන නැගිටීම් හමුවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල්
රාජපක්ෂ ද රටින් පළා යාමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේ දී ගුවන්තොටුපලේ මගීන්ගෙන් සහ
ආගමන විගමන අංශවලින් මතු ව්වූ විරෝධතා හේතුවෙන් ඔහුට නැවත හැරී යන්නට සිදු වුණා.
ඉන්පසුව transparency international ආයතනය අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවක්
හේතුවෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු තවත්
පිරිසකට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර පසුගියදා අධිකරණය විසින් එම ගමන් තහනම
තාවකාලිකව ලිහිල් කරනු ලැබුවා.
ඒ අනුව ලබන ජනවාරි නව වැනිදා දක්වා බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් සඳහා අවසරය හිමි
වී තිබෙනවා.
source – hiru news

2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්