මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (11) ජනාධිපති කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මෙි බව කීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවයි.