Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

10 months ago

පාර්ලිමේන්තුවේ අද (22) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.

පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා, සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වයම විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිත බව ද මහලේකම්වරිය සඳහන් කළා.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටටත් මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *