මවකගේ හා ඇගේ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු මුලතිව්, මාන්කුලම, පනික්කන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී සොයා ගෙන ඇති අතර එය සියදිවි හානි කරගැනීමක් බවට පොලිසිය සැකපළකරයි.
ඊයේ මෙම මළ සිරුරු සොයාගනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවය.
මියගිය මව 38 වන හැවිරිදි වියේ පසුවන අතර දැරිය 11 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය පවසයි. පිරිමි දරුවාගේ වයස අවුරුදු 03 කි.
මියගිය කාන්තාවකගේ සැමියා කලක සිට විදේශගත වී සිටින අතර ඇය සිය දරුවන් දෙදෙනා සහ මව සමඟ එම නිවසේ පදිංචිව සිට ඇත.
සැමියා, ජීවත්වීම සදහා මුදල් එවීම සිදු නොකරන බවට සිය දියණිය නිරන්තරයෙන් ප්‍රකාශ කළ බව මියගිය කාන්තාවගේ මව පොලිසිය හමුවේ සදහන් කර ඇත.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී