Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විහාරාධිපති හිමි ඝාතනය කර වාහන දෙකක් කෝටි දෙකකට විකුණා රටින් පනින්න හැදූ ගෝල හිමිනම කටුනායකදී අල්ලයි

3 years ago 2.3 K

සීදූව වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි නන්දාරාමයේ විහාරාධිපත ලෙසි වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන් එම විහාරස්ථානය තුළ ම ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේම හිමිනමක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර හිමි නම අද අළුයම ඩුබායි බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීම කර ඇත.

පොලිසිය සඳහන් කරන්නේ විහාරාධිපති හිමි ඝාතනයෙන් පසු විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් තවත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කර ඇති බවයි.

විහාරාධිපති හිමියන්ගේ ඝාතනය කර දේහය විහාරස්ථානයේ ආවාස ගෙයි කාමරයක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *