Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ට දිවා ආහාර වේලක්!

3 years ago 5.2 K

රජයේ සියලු ම පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් සියලු දෙනාට ම දිවා ආහාර වේල සඳහා සමබල බත් වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 27ක මුදලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීම සඳහා ෆෝලික් අම්ලය, යකඩ හා විටමින් අන්තර්ගත කර මෙම දිවා ආහාරය ලබා දීමට සැලසුම් කර ඇත.

රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යෑම හා ආහාර හිඟවීම, පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේල ලබාදෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *