Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිත්‍රත්වය පසෙක තබා ට්‍රම්ප් ඉන්දියාවට ලොකු තීරු බද්දක් පනවයි

12 months ago

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 25%ක අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයක් අගෝස්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පැනවීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරු බදු පැනවීම සම්බන්ධව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය ලෙස දක්වා ඇත්තේ, ඉන්දියාව ඇමරිකාවේ මිතුරෙකු වුවද, ඔවුන් ඇමරිකානු භාණ්ඩ සඳහා විශාල තීරුබදු අනුපාතයක් පනවා ඇති බැවින් දෙරට අතර වසර ගණනාවක සිට සිදුකර ඇත්තේ සාපේක්ෂව ඉතා අඩු වෙළෙඳ ගනුදෙනු සංඛ්‍යාවක් බවයි.

තවද, ඉන්දියාව රුසියාව සමඟ විශාල වශයෙන් වෙළෙඳ ගනුදෙනුවල නිරතවීම ද ඉන්දියාවට මෙලෙස ඉහල තීරුබදු අනුපාතයක් පැනවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඉන්දියාව මිලදීගෙන ඇති යුද උපකරණවලින් අතිමහත් බහුතරය ද මිලදීගෙන ඇත්තේ රුසියාවෙන් බවයි. මෙම සියලු කරුණු පදනම් කරගනිමින් ඇමරිකාව විසින් ඉන්දියාවෙන් 25%ක තීරුබදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *