Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී දහම් පාසල් ධර්මාචාර්ය සමත් දරුවන්ට විශේෂ ලකුණක් ?

10 months ago

අග්‍රාමාත්‍යවරිය සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පුජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා සමග අරලියගහ මන්දිරයේදී පෙරේදා (7) සාකච්ඡාවක් පැවැත්වූවා.

මෙහිදී දහම් පාසල් පද්ධතිය වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙනයාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ, විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කිරීමේදී දහම් පාසැල් ධර්මාචාර්ය සමත් දරුවන්ට විශේෂ ලකුණක් ලබා දීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවයි.

එමෙන්ම දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් හා වටිනාකමක් සහිත අධ්‍යාපනයක් ලෙස ⁣තවදුරටත් සංවර්ධනය කිරීම ඇතුළු අවශ්‍යතා පිළිබඳද සාකච්ඡා කර තිබෙනවා.

මෙරට පාසල් 10096ක, අධ්‍යාපනය හදාරන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 40 කට අධිකයි.

කෙසේවෙතත් දහම් පාසල් 10647ක් පැවැතියද දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමුවී සිටින්නේ සිසුන් ලක්ෂ 18 ක පිරිසක් පමණයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *