Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බලන්ගොඩ නිවසක ගින්නක්! මව පියා බේරී 7 හැවිරිදි දරුවා මරුට!

1 year ago

බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක අද අළුයම හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසියේ 119 අංකයට අද (09) අළුයම පණිවිඩයක් ලැබී ඇත්තේ නිවසක් ගිනි ගන්නා බවටයි.

සිද්ධියට අදාලව විමර්ශන නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවස ගිනිගෙන තිබී ඇති අතර නිවසේ කාමරයක් තුළ සිටි වයස අවුරුදු 07 ක පිරිමි දරුවෙකු පිළිස්සී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු වී නැහැ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *