රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය.
තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන බව ඔහු අනතුරු ඇඟවීය.
“අපේ රටේ භෞමික අඛණ්ඩතාවය ට තර්ජන එල්ල වුණොත්, අපි අපේ උපරිම ශක්තිය යොදා ගන්නවා ජනතාව රැක ගැනීමට,” පුටින් පැවසීය.
එසේම හමුදා අත්දැකීම් සහිත ස්වේච්ඡා භටයින් 300,000ක් නැවත හමුදා සේවයට කැඳවා හමුදා බලඇණි ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.
මෙම තීරණයත් සමගම ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 2%කින් ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.90 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.16 දක්වාත් අද (21) ඉහළගොස් තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි