පාසල් සිසුවියක් සිය දිවා ආහාරය සඳහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ පාසලකින් වාර්තා වනවා.
ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අධ්‍යාපනයට දක්ෂ සිසුවියක් වන අතර ශිෂ්‍ය නායිකාවක් ලෙසද එම විද්‍යාලයේ කටයුතු කරන බවයි පැවසෙන්නේ.
ස්ථීර රැකියාවක් නෙැමිති ඇයගේ පියා ප්‍රදේශයේ කුළී රැකියාවක නිරතව සිටින අතර , ඇයගේ මව ගෙදර දොර වැඩ කටයුතු බලා ගෙන සිටින්නීය. ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියන් කීප දෙනකු ද සිටින්නීය.
එම පාසලේ දිවා විවේක කාලයේ අනෙකුත් සිසුන් සමග මෙම ශිෂ්‍ය නායිකාව ද ආහාර ගැනීම සදහා සූදානම් වූ අවස්ථාවේ මෙම සිදු වීම අනාවණය සිදු වී තිබේ.
මෙම සිද්ධියෙන් පසු පාසලේ ගුරු භවතුන් විසින් දිවා ආහාර පාර්සල් කිහිපයක් සකස් කර ගෙන පැමිණ එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.
මෙම සිද්ධියට සමගාමිව 3 ශ්‍රේණිය තුළ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද මුහුණ පා තිබුණි .
මෙම විද්‍යාලයේ ගුරු භවතුන් දරුවන් පිළිබඳව සොයා බැලීමේදී මෙම සිසුන් පෙර දින රාත්‍රීයේත් ආහාර සදහා කිසිවක් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ .

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)