Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිවා ආහාරය සඳහා ළපටි පොල් මද රැගෙන ආ පාසල් සිසුවිය

2 years ago 3.7 K

පාසල් සිසුවියක් සිය දිවා ආහාරය සඳහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ පාසලකින් වාර්තා වනවා.

ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අධ්‍යාපනයට දක්ෂ සිසුවියක් වන අතර ශිෂ්‍ය නායිකාවක් ලෙසද එම විද්‍යාලයේ කටයුතු කරන බවයි පැවසෙන්නේ.

ස්ථීර රැකියාවක් නෙැමිති ඇයගේ පියා ප්‍රදේශයේ කුළී රැකියාවක නිරතව සිටින අතර , ඇයගේ මව ගෙදර දොර වැඩ කටයුතු බලා ගෙන සිටින්නීය. ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියන් කීප දෙනකු ද සිටින්නීය.

එම පාසලේ දිවා විවේක කාලයේ අනෙකුත් සිසුන් සමග මෙම ශිෂ්‍ය නායිකාව ද ආහාර ගැනීම සදහා සූදානම් වූ අවස්ථාවේ මෙම සිදු වීම අනාවණය සිදු වී තිබේ.

මෙම සිද්ධියෙන් පසු පාසලේ ගුරු භවතුන් විසින් දිවා ආහාර පාර්සල් කිහිපයක් සකස් කර ගෙන පැමිණ එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

මෙම සිද්ධියට සමගාමිව 3 ශ්‍රේණිය තුළ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද මුහුණ පා තිබුණි .

මෙම විද්‍යාලයේ ගුරු භවතුන් දරුවන් පිළිබඳව සොයා බැලීමේදී මෙම සිසුන් පෙර දින රාත්‍රීයේත් ආහාර සදහා කිසිවක් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ .

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *