Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

2 years ago 7.8 K

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ, පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවය.

භාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *