පයාගල ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙල පන්ති දෙකක සිසුන් පිරිසක් අතර අද (23) දහවල් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් තිදෙනකු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල මැටියලමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුන් තිදෙනකු බව සදහන් වේ.
රෝහල් ගතකර ඇති සිසුන් තිදෙනාගේ හිස ,අත් සහ මුහුණ පෙදෙස්වලට තුවාල සිදුව ඇති බවත් 1990 සුවසැරිය ගිලන් රථයෙන් ඔවුන් රෝහල් ගතකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුරු මහත්ම මහත්මීන් බලා සිටියදීම හෙල්මට්වලින් සහ අතින් පයින් පහරදීම සිදුව ඇති බව සදහන් වේ. පහරකෑමට ලක්ව දසදෙනකුට අධික පිරිසක් සුළු තුවාල ලබා නිවෙස්වලට ගොස් ඇතැයිද සදහන් වේ.
මාපියන් දෙදෙනකු මේ වනවිට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිලි ඔස්සේ විමර්ශන සිදුකරන බව පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු