හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක් ඇතිව ඇති බවත් ඔහුගේ ශරීරයේ ඇති රුධිරයේ වෙනස් වීම් සහ වෙනත් සළකුණුද මේ වන විට නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බව වෛද්‍යවරයා සඳහන් කළා.
මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වෛද්‍ය බෙල්ලන මහතා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,
“හිටපු ජනාධිපතිව මම දැන් බලලා අවේ. ඔහුට යම්කිසි විජලනය තත්ත්වයක් වෙන්න ඕනේ යම් යම් වෙනස් වීම් තියෙනවා ශරීරයේ ලේවල සහ වෙනත් සළකුණුවල. ඉතිං අපි දවස් තුනක් දැඩි විවේකී තත්ත්වයක තියන්නත් ඕනේ, විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕනේ. ඒ කළේ නැත්නම් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න පුළුවන්. ඒ නිසා තමයි ඔහු දැඩි නිරීක්ෂණයක් යටතේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම් කිහිපයක් යටතේ ඔහුව මේ වෙලාවේ බලාගන්නවා. ඔහුට දවස් දෙක තුනක් යද්දි හොඳ අතට හැරෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලාවත් අපි හරියට ප්‍රතිකාර කළේ නැත්නම් ඒ සංකූලතා වර්ධනය වෙන්න පුළුවන්.”

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි