සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාල පෙරහර හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් සිදුකර තිබේ.
ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර 2025.08.24 වන දින සිට 2025.08.26 වන දින දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහත පරිදි වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
2025.08.24 වන දින දිවා පෙරහර දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වාද, 2025.08.25 හා 26 වන දිනයන්හි මහ පෙරහර රාත්‍රී 07.00 සිට අළුයම 02.00 දක්වාද කොළඹ ගාල්ල මාර්ගයේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
එබැවින් එම පෙරහර ගමන් ගන්නා කාලය තුල කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය හික්කඩුව හන්දියේ සිට කහව හන්දිය දක්වා ගමනා ගමනය සීමා කරන අතර එම කාලය තුල මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
විකල්ප මාර්ග
කොළඹ දෙස සිට ගාල්ල දෙසට පැමිණෙන වාහන කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ, කිරළගහවෙල, අළුත්වල සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනපීනුවල හරහා කුමාරකන්ද හන්දියෙන් ගාලු පාරට පිවිසීමට හෝ ගෝනපීනුවල හික්කඩුව මාර්ගයෙන් හික්කඩුව නගරයෙන් ගාලු පාරට ගමන් කල හැක.
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන හික්කඩුව නගරයෙන් හැරී ගෝනපීනුවල, දුවත්ත හන්දිය, අම්පේගම, බටපොල නගරය තිලකපුර මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ රොසෙත් හන්දියෙන් ගාලු පාරට ගමන් කල හැක.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි