උපකාරක පන්ති ගුරුවරුන්, පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ පාසල් ගුරුවරුන් ඇතුළු උගන්වන ඕනෑම කෙනෙකුට බලපත්‍රයක් (ලයිසන්) ලබාදීම සඳහා වෘත්තීය සභාවක් පිහිටුවන්නේ නම්, ඊට විරෝධය දක්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.
ගුරු-විදුහල්පති සේවාවන් සඳහා වෘත්තීය සභාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මීට පෙර ද අවධාරණය වී ඇති නමුත්, එම උත්සාහයන් ව්‍යර්ථ වූ බව ජෝශප් ස්ටාලින් සඳහන් කළා.
“ගුරු සේවාව උසස් තත්ත්වයකට ගෙනල්ලා සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ගැන තමා අපි කතා කරන්නේ. පුද්ගලික අංශය ශක්තිමත් කරන එකක් සහ නීත්‍යානුකූල කරන වැඩක් තමයි මෙතන තියෙන්නේ”
මේ අතර රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුව ඊයේ රැස්වී තිබෙනවා.
අධ්‍යාපන කවුන්සිලයේ විෂය පථය, බලතල, සාමාජිකයන් පත් කිරීම ආදී කරුණු සම්බන්ධව සවිස්තර වාර්තාවක් කඩිනමින් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශවී තිබෙනවා.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි