Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙම කාන්තාව දුටුවහොත් වහාම පොලිසියට දැනුම්දෙන්න! පොලීසිය මහජන සහය ඉල්ලයි!

11 months ago

අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.

පොලීසිය පවසන්නේ, විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

මෙම සැකකාරිය මේ වන විට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

සැකකාරිය දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණි ප්‍රියන්තිකා වන අතර ඇය 40 හැවිරිදි කන්දගම, පොතුපිටිය පාර, රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකතන අංක
ස්ථානාධිපති රක්වාන – 071 – 8591394
ස්ථානාධිපති අපරාධ අංශය – 071 – 8593808

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *