ගලෙන්බිඳුණුවැව හා හොරොව්පොතාන ප්‍රදේශයේ ගොවි ජනතාවගේ රුපියල් කෝටි විසිපහකට අධික මුදලක් වංචා කළ මූල්‍ය සමාගමකට එරෙහිව ජාතික ගොවි ජන එකමුතුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (සැප්. 27) පැමිණිලි කර තිබේ.
ගොවි ජනතාව තැන්පත් කළ මුදල් නැවත ඉල්ලීමට ගිය අවස්ථාවේදී මූල්‍ය ආයතනයේ හිමිකරු ගොවීන්ට මුදල් නොදී ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටින බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසීය.
මේ සම්බන්ධව එම ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ගොවීන් පැමිණිලි කිරීමට ගියද පැමිණිලි භාර නොගන්නා බවයි සභාපතිවරයා පවසන්නේ.
“පොලිසියට කරන්න දෙයක් නෑ. තම තමන් එම ගැටලුව බලාගන්නා,” ලෙසට රඹෑව ඇතුළු පොලිස් ස්ථාන ගොවීන්ට දැනුම් දී තිබෙන බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසනවා.
එම මූල්‍ය ආයතන හිමිකරු බිරිය සහ දරු දෙදෙනා සමග ඔහු විදේශ ගතවීමට ලිපි ලේඛන සකස් කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් එම පැමිණිල්ල එකී පොලිස් ස්ථාන පැමිණිල්ල භාර නොගැනීම නිසාවෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බව පැවසූ හෙතෙම ගොවීන් පත්ව ඇති අසරණභාවය සලකා මෙම මූල්‍ය ආයතනයේ ප්‍රධානියාගේ විදේශ ගමන් තහනම් කර අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව සඳහන් කළේ ය.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු