අධිකරණයේ විභාග වන නඩුවක විත්තිකරු ලෙස නම් කර ඇති උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලදී.
උන්වහන්සේ වැඩ සිටින කිරුලපන ඇලන් මැතිනියාරාම විහාරයේ, ශබ්ද විකාශන යන්ත්‍ර අධික ශබ්දයෙන් අලුයම් කාලයේදී භාවිතා කරන බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඒ ආසන්නයේ පදිංචි වී සිටි අමාත්‍යවරයෙකු හා දැනට ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ, පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් විසින් පෞද්ගලික පැමිණිල්ලක් ලෙස මෙම නඩුව ගොනු කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ නො සිටි අතර නඩුව එළඹෙන ඔක්තෝබර් 31 වැනිදා යළි කැඳවීමට ද තීරණය කෙරුණි.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු